Lead News | MCC ගිවිසුමට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයෝ මහා නාහිමිවරු හමුවෙති!

Lead News | MCC ගිවිසුමට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයෝ මහා නාහිමිවරු හමුවෙති!

Lead News

01/11/2019 5:55AM

Episode Synopsis "Lead News | MCC ගිවිසුමට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයෝ මහා නාහිමිවරු හමුවෙති!"

දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවූ පුවත අප මින්පෙර වාර්තා කළේය. මෙම ගිවිසුමට එරෙහිව මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා අද (31) පෙරවරුවේ  ජාතික සංවිධාන නියෝජිතයන් කටයුතු කළ අතර මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව දළදාමාළිගාව අභියස සත්‍යක්‍රියාවකද නිරත විය. සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු නියෝජිතයන් පිරිස  මෙම ගිවිසුම පිළිබඳව මහනායක හිමිවරුන් හමුවී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙතඅදහස් පළ කරමින් කියා සිටියේ මහානායක හිමිවරුන් පවා මෙම ගිවිසුමට විරෝධය ප්‍රකාශ කළ බවත් ජනමත විචාරනයකින් තොරව මෙවැනි ගිවිසුම් අත්සම් කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බව පවසා සිටි බවත්ය.

Listen "Lead News | MCC ගිවිසුමට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයෝ මහා නාහිමිවරු හමුවෙති!"

More episodes of the podcast Lead News